30 March 2021
2026 වර්ෂයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සදහා නව අයදුම්පත් භාරගැනේ.
කහටගස්දිගිලිය නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූලික රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, තැපැල් කාර්යාලය, උසාවිය, පොලිස් ස්ථානය, ප්‍රධාන පෙලේ බැංකු කිහිපයක්, මධ්‍ය මහා විද්‍යාලය ආදී රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් කේන්ද්‍රගත ව පවතින අතර මෙම ස්ථානවල සේවය කරනු ලබන නිලධාරීන්ගේ පහසුව තකා ඔවුන්ගේ දරුවන් රැක බලා ගැනීම සදහා රාජ්‍ය අංශයෙන් ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂිත හා විශ්වාසනීය වූ ස්ථානයක් ලෙස කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම මෙහි පරමාර්ථය වේ.
2023 වර්ෂයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගාස්තු හා අයකිරීම් පහත පරිදි වේ.
- මාස 07 – අවු. 02 දක්වා – රු. 8000.00
- අවු .02 – අවු.03 දක්වා – රු.6000.00
- අවු. 03 – අවු. 05 දක්වා – රු. 4500.00
- අවු. 05 – අවු. 10 දක්වා – රු. 3000.00
2024 වර්ෂයේ දී එම ගාස්තු සංශෝධනය වීමක් සිදු වූ අතර එම අගයන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලදි. එම අගයන් පහත පරිදි වේ.
- මාස 07 – අවු. 01 දක්වා – රු. 8000.00
- අවු .01 – අවු.02 දක්වා – රු.7000.00
- අවු .02 – අවු.03 දක්වා – රු.6000.00
- අවු. 03 – අවු. 05 දක්වා – රු. 4500.00
- අවු. 05 ට වැඩි – රු. 3000.00
2024 වර්ෂයේ දී දෙමාපියන්ගේ පහසුව තකා වයස අවු. 1 ½ ට අඩු දරුවන් සදහා රු.500.00 ක මුදලක් ද වයස අවු. 1 ½ ට වැඩි දරුවන් සදහා රු.400.00 ක මුදලක් ද දෛනික ව අය කරනු ලැබේ.
2023 වර්ෂයේ දී දරුවන් ඇතුළත්වීමේ ප්‍රවණතාවය තරමක් දුරට මන්දගාමී තත්ත්වයක පැවති නමුත් 2024 වර්ෂය වන විට මේ සදහා පැවති ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් දරුවන් බදවාගැනීම මදක් කැපී පෙනෙන අගයක් පෙන්නුම් කෙරේ. මේ වන විට දරුවන් 23 දෙනෙකු සදහා මෙම මධ්‍යස්ථානය මගින් රැකවරණය ලබා දෙන අතර ඔවුන් සියළු දෙනා අවුරුදු 02ට වැඩි දරුවන් වේ.